CONTEST_srilanka

CONTEST

2021 White Canvas කලා තරඟාවලිය පැවැත්වීම සඳහා මේ වනවිටත් සියලු කටයුතු සුදානම් කර ඇත. එය මෙරට කලාකරුවන්ට සහාය දැක්වීම සඳහා නව ක්‍රම සහ විධි මත පදනම් වූ නව කලා දර්ශනයක් නිර්මාණය කිරීම සඳහා අප තබනා සාර්ථක දෙවැනි පියවරයි.

කලා කෘති සුරක්‍ෂිතව හා සාධාරණව බෙදා හැරීම සඳහා නවීන තාක්‍ෂණය උපයෝගී කර ගනිමින්, කලාපයේ හොඳම නැගී එන කලාකරුවන්ගේ කෘති එක්රැස් කිරීම මෙම තරගය විසින් අරමුණු කරයි. ළමා නිර්මාණකරුවන් දිරිගැන්වීම අරමුණුකොට ළමා කාණ්ඩයක්ද, වයස අවුරුදු 18 හෝ වැඩි නිර්මාණකරුවන්ගේ නිර්මාණ එළිදැක්වීම සඳහා විවෘත කාණ්ඩයක්ද ලෙස කාණ්ඩ වර්ගීකරණය කර ඇති අතර, වෘත්තීය කලාකරුවෙකු වීමට අපේක්ෂා කරන ඕනෑම වයසක අයෙකු සඳහා මෙම තරඟාවලිය තුළ ඉඩහසර වෙන් කර තිබෙන බව සතුටින් දන්වමු.

තෝරාගත් කෘති ජපානයේ මාර්ගගතව සහ නොබැඳි ලෙස ප්‍රදර්ශනය කෙරෙන අතර ලොව පුරා කලාකෘති එක්රැස් කරමින් සිටින රසිකයන් හට රසවිඳීමට සහ මිලට ගැනීමට ඉඩ සළසා තිබේ. මෙම දැවැන්ත ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වීමට සැඟවුණු දක්ෂතා සහිත ඔබ කළයුත්තේ ඔබේ නිර්මාණ හැකි ඉක්මනින් අප වෙත ලැබීමට සැලැස්වීමයි.

CONTACT

CATEGORY

social compass
විවෘත කාණ්ඩය
– අවුරුදු 18 වැඩි (2002. 12. 31 හෝ ඊට පෙර උපන් )
– වාණිජ ගැලරි වල නියෝජන නොමැති කලාකරුවන්

palette
ළමා කාණ්ඩය
– වයස අවුරුදු 18 අඩු (2003. 01. 01 හෝ ඊට පසු උපන්)
– කලාත්මක දෘෂ්ටි කෝණයෙන් දකින දරුවන්ගේ සිතුවම්

 

DETAIL

අයදුම් කිරීම් භාරගන්නා කාලසීමාව: ජුනි 1 – අගෝස්තු 31, 2021
තෝරාගැනීම් කාලසීමාව: සැප්තැම්බර් 1 – ඔක්තෝබර් 31, 2021
දේශීය සම්මාන උළෙල: නොවැම්බර්, 2021

තේමාව: ඕනෑම නිදහස් තේමාවක් (ඕනෑම මාධ්‍යක්; තෙල්සායම්, දියසායම්, ඇක්‍රිලික්, පැස්ටල්, මිනිරන් ආදී; භාවිතා කරමින් පැතලි මතුපිටක සිතුවම් කරන ලද චිත්‍ර)

චිත්‍ර‍රයේ ප්‍රමාණය: අවම 30 cm x 30 cm හෝ උපරිම 100 cm x 100 cm

ප්‍රවේශ සඳහා අයදුම් කිරීම්: මුලික වශයෙන් එක් ප්‍රවේශයක් පමණි. (ප්‍රවේශ කිහිපයක් අයදුම් කිරීමට හැකිවුවද, සම්මානනය සඳහා පිළිගැනෙන්නේ එක ප්‍රවේශයක් පමණක් බව කරුණාවෙන් සළකන්න !

 

සටහන: මින් පෙර වෙනත් තරඟ සඳහා ඇතුළත් කර ඇති/ තරඟයක් සඳහා පිළිගත් කලාකෘති හෝ අයදුම්කරු නොවන අයෙකු විසින් නිර්මාණය කරන ලද වැඩ පිටපත් භාරගනු නොලැබේ.

 

ශ්‍රී ලංකාවේ සංවිධායක

 

MORE DETAIL

ස්පුට්නික් ජාත්‍යන්තර ශ්‍රී ලංකා සංවිධානය
දුරකථන: + 94-71-524-0240/ +94-37-494-3163
WhatsApp- +94-71-756-1516
විද්‍යුත් තැපෑල: srilanka.wcp@gmail.com

The Competition Timeline

social compass